තිස්ස අත්තනායක රිමාන්ඩ්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පෙබරවාරි 11 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් අධිකරණය නියෝග කළේය.

‘රනිල්-මෛත්‍රී ගිවිසුමක්‘ ලෙස ව්‍යාජ ලියවිල්ලක් ප්‍රකාශයට පත් කිරීමේ චෝදනාව මත අද දහවල් අත්අඩංගුවට ගන්නා ලද මන්ත්‍රීවරයා, පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

තිස්ස අත්තනායක විසින් ප්‍රසිද්ධ කළ රනිල්-මෛත්‍රී ගිවිසුම ව්‍යාජ අත්සන් යොදා නිර්මාණය කළ එකක් බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට පත් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

පසුගිය සතියේ බිබිසිය සමග සාකච්චාවකට එක්වෙමින් ජනාධිපතිවරණයේ තීරණාත්මක අවස්ථාවක ඉදිරිපත් කළ රනිල්-මෛත්‍රී ගිවිසුම තමාගේ නිර්මාණයක් නොවන බව පැවසූ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එය ලිපියක් මගින් තමන්ට ලැබුණු එකක් බවයි කියා සිටියේ.

එහි සත්‍යතාවය සොයා නොබලා වගකීම් විරහිත ලෙස එය ඉදිරිපත් කළේ ඇයි දැයි විමසූ විට ඔහු පැවසුවේ අදාළ ලිපියේ සඳහන් වූ කරුණු දෙමළ ජාතික සන්ධානය නිතරම මතු කළ කරනා නිසා ඔවුන්ගේ සහය ලබාගැනීමට මෙවන් එකඟතාවක් ඇති කර ගෙන ඇති බවට තමන්ට සිතුනු බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර