යුද හමුදා සක්‍රීය සේවය කැඳවීම විවේචනයට

Image copyright AFP

යුද හමුදාව රටේ ඕනෑම පලාතක සිවිල් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා යොදවා ගැනීමට අවසර ලැබෙන ගැසට් පත්‍රිකාවට නව ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බව වාර්තා වීමත් සමඟ ඊට රටේ විවිධ පාර්ශ්ව වෙතින් විවේචන එල්ල වෙමින් තිබේ.

යුද හමුදාව සිවිල් කටයුතු සඳහා යොදා ගැනීම නිසා පසුගිය පරිපාලනය දැඩි විවේචනයට ලක් වී තිබිණ.නේ මෙය වෙනස් කිරීම සඳහා ජනාධිපතිවරයාට දැඩි බලපෑම් කරන බවයි.

විශේෂයෙන් යුද හමුදාව සක්‍රීය සේවයට කැඳවන්නේ නොමැතිව ඔවුන්ට පැවරී තිබෙන කාර්යයන් තුළ ඔවුන් ස්ථාන ගත කළ යුතුය යන්න තම ස්ථාවරය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා බීබීසීයේ තිසර රතුවිතාන සමඟ පැවසුවේය.

රටේ සාමාන්‍ය සිවිල් තත්වයන් පාලනය කිරීම වෙනුවෙන් පොලීසිය මැදිහත් විය යුතු බවයි ඔහු කියා සිටියේ.

සිවිල් පාලනය

“හදිසි නීතිය ඉවත් කළ මොහොතේ සිටම හිටපු ජනාධිපතිවරයා විසින් මාස් පතා ගැසට් නිවේදනය ඉදිරිපත් කරමින් සෑම දිස්ත්‍රික්කය කම සක්‍රීය සේවය සඳහා ත්‍රිවිධ හමුදාව කඳවල තියෙනවා. වර්තමාන ජනාධිපතිවරයාත් ඊට අත්සන් තබා තිබෙනවා, ” ජනතා විමුක්ති පෙරමුණ ඊට විරෝධය පල කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

විධායක සභාව යළි රැස් වූ විට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට එය වලංගු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේය.

හමුදාව සිවිල් පාලනයට සම්බන්ධ කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී රටක කිසිසේත් සිදු නොවිය යුත්තක් බව මේ අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

හදිසි නීතිය නොමැති අවස්ථාවක සිවිල් කටයුතු සඳහා හමුදාව යොදා ගැනීමට අවසර දීම නොකළ යුත්තක් බවයි නව පාලනය බලයට ගෙන ඒම සඳහා වීදි බැස සටන් කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර කියා සිටියේ.

මෙය කිසිසේත්ම අපේක්ෂා නොකළ බව පවසන ඔහු සිවිල් පරිපාලනය රට තුළ ස්වාධීනව තිබිය යුතු අතර යුද හමුදාවට මෙවැනි සුවිශේෂ බලතල ලබා නොදිය යුතුය යන්න තම ස්ථාවරය බව ඔහු පැවසුවේය.

අනිටු ප්‍රතිඵල

ඒවායේ අනිටු ප්‍රතිඵල ජනතාව අත්විඳ ඇති බව පැවසූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර, රතුපස්වල සිද්ධිය මීට හොඳම උදාහරණය බව පැවසුවේය.

Image copyright AFP

නිදහස් දිනය නිමිත්තෙන් යුද හමුදාව දිවයිනේ විවිධ ප්‍රදේශවල යොදවා ගැනීම පිණිස රජය එම පියවර ගත් බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න අද, බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.

“හැම දිස්ත්‍රික්කය කම නිදහස් දින සමරනවා. නිදහස් දින සැමරුම් පෙළපාලි තියෙනවා. ඒ නිසා අපිට සිදු වෙනවා හමුදාව යොදවන්න. ඒ වෙනුවෙන් විශේෂ ගැසට්‌ නිවේදනයක් තිබිය යුතුයි” ඔහු පැවසුවේය.

එසේ නොමැතිව එක් ප්‍රදේශයක් සිට තවත් ප්‍රදේශයක හමුදාව යෙදවිය නො හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.