ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලෝක ක්‍රිකට් සැණකෙළිය ශ්‍රී ලාංකික ඇසින්

මෙවර ක්‍රිකට් ලෝක ශූරතා තරඟාවලියේ පළමු තරඟය පැවැත්වෙන්නේ නවසීලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතරයි.

නවසීලන්ත වේලාවෙන් සෙනසුරාදා උදේ වරුවේ සමාරම්භක තරඟය ආරම්භ වෙන්නේ ‘ක්‍රිස්ට්චර්ච්’ නගරයේ ‘හැග්ලේ ඕවල්’ (Hagley Oval)ක්‍රීඩාංගනයේ දී .

පසුගිය ලෝක ශූරතා තරඟාවලියේ අනුශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ශූරතාවය දිනා ගනු ඇතැයි බොහෝ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු පළ කරන බවයි, බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන්ට හමු වුන පුද්ගලයන් පළ කළ අදහස් මගින් පෙනී යන්නේ.

ඔවුන්ගෙන් ඇතැමෙක් ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සිදු විය යුතු වෙනස් කම් ගැනත් අදහස් පළ කරති.