යෝෂිත මහින්දගේ ආරක්ෂක බලකායට

Image copyright Presidential Secretariat
Image caption යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුනේ කෙසේද යන්න පිළිබඳව 'පරීක්ෂණයක්'

සිය පියාගේ ආරක්ෂක අංශයේ සාමාජිකයකු ලෙස පත් කරන මෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂ කළ ඉල්ලීමට නාවික හමුදාව එකඟත්වය පළ කර තිබේ.

ඒ අනුව යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කරන අතරවාරයේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ සාමාජිකයකු ලෙස ඉදිරියේදී ක්‍රියා කරනු ඇති බවයි, නාවික හමුදාවේ ප්‍රකාශකයකු බීබීසී සංදේශයට කියා සිටියේ.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ සාමාජිකයකු ලෙස පත් කරන ලෙස යෝෂිත රාජපක්ෂ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇති බව පසුගියදා බීබීසී ය සමඟ පැවති සාකච්ඡාවකදී ආරක්ෂක රාජ්‍ය ආමාත්‍ය රුවන් විජයවර්ධන සඳහන් කළේය.

හිටපු ජනාධිපති ගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද පැමිණිල්ල පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය විජේවර්ධන පැවසුවේ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුනේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර