ලෝක කුසලානය: සීකුගේ ඕස්ට්‍රේලියාව බලා යයි

Image copyright Getty

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවති ලෝක කුසලාන තරගයේදී දඟ පන්දු ක්‍රීඩක රංගන හේරත් තුවාල ලැබීම හේතුවෙන් පා දඟ පන්දු ක‍්‍රීඩක සීකුගේ ප‍්‍රසන්න ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යැවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

පසුගියදා එංගලන්තයට එරෙහිව පැවති තරගයේදී දකුණතින් පා දඟ පන්දු යවන රංගන හේරත්ගේ ඇඟිල්ලක් තුවාල වූ අතර ඔහු සුවය ලබා නැවතත් පිටියට පැමිණීම සඳහා දින හතත් දහයත් අතර කාලයක් ගත වනු ඇති බවත් එම නිවේදනයේ සඳහන්.