ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනපති මෛත්‍රී, කැමරන් හමුවක්

තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට ලඟා වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන අඟහරුවාදා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හමුවීමට නියමිතය.

ඊට පසුදින බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින සමඟ දිවා භෝජනයකට සහභාගි වන ජනාධිපතිවරයා, බ්‍රිතාන්‍යයේ දේශපාලන නායකයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක බීබීසී සංදේශයට පැවසීය.

සඳුදා උදය වරුවේ වෙස්ට්මින්ස්ටර ඇබේ දේවස්ථානයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය දිනය සැමරීමේ දේව මෙහෙය ජනාධිපතිවරයා සහභාගි වන පළමු නිල කටයුත්තයි.

Image copyright Dharma Sri Bandara

ඉන් අනතුරුව සඳුදා සවස් යාමයේ ජනාධිපතිවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ පැවැත්වෙන උත්සවයට සහභාගිවීමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අඟහරුවාදා සවස් යාමයේ ශ්‍රී ලාංකික සංවිධානවල නියෝජිතයන් මුණගැසීමට නියමිත බවද ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක සඳහන් කළේය.

දේශපාලන පක්ෂ හෝ වෙනත් කිසිදු භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකික නියෝජිතයන් එක් ස්ථානයකදී හමුවීම ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව බවද ඔහු කියා සිටියේය.