ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු විසිහය දෙනෙක් රජයේ අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්හ.

නව අමාත්‍යවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිව්රුම් දුන් අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහද එක් වී සිටියේය.

කැබිනට් අමාත්‍යවරුන් ලෙස අමාත්‍යවරුන් එකොළොස් දෙනෙකු දිවුරුම් දී තිබේ.

කැබිනට් අමාත්‍යවරු

  1. එස්.බී. දිසානායක - ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය
  2. මහින්ද අමරවීර - ධීවර අමාත්‍ය
  3. විජිත් විජයමුණි සොයිසා - වාරිමාර්ග අමාත්‍ය
  4. එස්බී නාවින්න - කම්කරු අමාත්‍ය
  5. පියසේන ගමගේ - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
  6. සරත් අමුණුගම - උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය
  7. ජනක බණ්ඩාර තෙන්නකෝන් - පළාත් සභා සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
  8. ෆීලික්ස් පෙරේරා - විශේෂ ව්‍යාපෘති අමාත්‍ය
  9. මහින්ද යාපා අබේවර්ධන - පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
  10. රෙජිනෝල්ඩ් කුරේ - ගුවන් සේවා අමාත්‍ය
  11. ඒඑච්එම් ෆවුසි - ආපදා කළමනාකරණ අමාත්‍ය

කැබිනට් අමාත්‍ය ධුරවලට අමතරව නව රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස මන්ත්‍රීවරු පස් දෙනකු දිව්රුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරු

  1. පවිත්‍රා වන්නිආරච්චි - පරිසර රාජ්‍ය අමාත්‍යවරිය
  2. මහින්ද සමරසිංහ - මුදල් රාජ්‍ය අමාත්‍ය
  3. ජීවන් කුමාරණතුංග - කම්කරු රාජ්‍ය අමාත්‍ය
  4. සීබී රත්නායක - රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය
  5. ඩිලාන් පෙරේරා - නිවාස සහ සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය

මීට අමතරව දයා ශ‍්‍රි තිසේරා, තිස්ස කරලියද්ද, රංජිත් සියඹලාපිටිය , ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලලිත් දිසානායක, ජගත් පුෂ්පකුමාර, සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ, ශාන්ත බණ්ඩාර සහ ලසන්ත අලගියවන්න යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබේ.