ජනපති සොහොයුරාට ප්‍රහාරයක්

Image copyright nationalhospital.lk

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයකු වන ප්‍රියන්ත සිරිසේන ප්‍රහාරයකට ගොදුරුව තුවාල ලැබ රෝහල්ගත කරනු ලැබ සිටියි.

පොලොන්නරුව ‘හතරේ ඇල’ ප්‍රදේශයේ දී ප්‍රහාරයට ලක් වූ ප්‍රියන්ත සිරිසේන පොලොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹ කරා ගෙන ඒමට කටයුතු කෙරෙමින් තිබුණි.

පොරවකින් එල්ල කෙරුණ ප්‍රහාරයකින් ප්‍රියන්ත සිරිසේනගේ හිසට බරපතල තුවාල සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයට මුල් වූ හේතුව ප්‍රකාශයට පත් කෙරී නැත.

අලුත්ම වාර්තා මගින් පැවසෙන්නේ ප්‍රහාරකයා පොලිසියට යටත් වූ අතර ඔහු අත්අඩංගුවේ පසු වෙන බවයි.