ප්‍රියන්ත සිරිසේන අවමඟුල සඳුදා

Image copyright Priyantha Sirisena
Image caption ප්‍රියන්ත සිරිසේන

ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබ රෝහල්ගත කරනු ලැබ සිටියදී දිවියෙන් සමුගත් පොළොන්නරුවේ ව්‍යාපාරිකයකු වූ ප්‍රියන්ත සිරිසේනගේ අවමඟුල් කටයුතු ලබන සඳුදා පැවැත්වෙන බව ප්‍රකාශයට පත් කොට ඇත.

ප්‍රියන්ත සිරිසේන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බාල සහෝදරයා වෙයි.

Image copyright dailymirror.lk

පසුගිය බ්‍රහස්පතින්දා (26) පොලොන්නරුව ‘හතර ඇල’ ප්‍රදේශයේදී ඔහු ප්‍රහාරයකට ගොදුරු වූ අතර එම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ මිතුරකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ ඇත.

ප්‍රහාරයට හේතුව පෞද්ගලික ආරවුලක් බවයි පැවසෙන්නේ.

ජීවිතක්ෂයට පත් ප්‍රියන්ත සිරිසේන තිදරු පියෙකි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර