ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුක්තිය,සහ සාධාරණත්වයේ සේයාවක් - රවිරාජ් දියණිය

ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ගේ ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.

නඩරාජා රවි රාජ් මන්ත්‍රීවරයා 2006 වසරේ නොවැම්බර් මාසයේ 10 වැනිදා කොළඹදී වෙඩි තබා ඝාතනය ඝාතනය කෙරිණ.

ඝාතන සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබීම ගැන නඩරාජා රවිරාජ් හිටපු මන්ත්‍රීවරයාගේ දියණිය ප්‍රවීණා රවීරාජ් සංදේශයට පැවසුවේ එමගින්, දිගු කලක් ගොස් හෝ යුක්තිය,සහ සාධාරණත්වය ඉටුවන්නේය යන විශ්වාශය තබා ගත හැකි බවයි.

එම ඝාතනයේ ඇත්ත නැත්ත මුළු ජනතාවට දන ගැනීමට හැකි වුවහොත් එය තම පවුලට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටම වැදගත් වන බවයි ඇය කියා සිටියේ.