ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කල්පිටිය මුහුදු පතුලේ ශ්‍රමදානයක්

ශ්‍රී ලංකාවේ විශාලතම කොරල් පරය ලෙස හැදින්වෙන කල්පිටිය කොරල් පරය මේ වන විට ශීඝ්‍රයෙන් විනාශ වෙමින් පවතින බව කල්පිටිය සංචාරක බෝට්ටු හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

කොරල් පරයේ අනවසර ධීවර ක්‍රියාකාරකම් මෙයට ප්‍රධාන හේතුව බවයි කල්පිටිය සංචාරක බෝට්ටු හිමියන්ගේ සංගමයේ සභාපති මධුරාජ් ප්‍රනාන්දු කියා සිටියේ.

කොරල් පරයේ වත්මන් තත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට හා කොරල් පරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පැවති ශ්‍රමදානයක් වාර්තා කිරීමට අප වාර්තාකරු ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න එහි ගොස් සිටියේය.

කොරල් පරයේ රැඳී තිබූ වැලි කොට්ට, දැල් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරීම මෙම ශ්‍රමදානයේ දී සිදු කර තිබේ.

වැලිපාර අභය භුමිය

කල්පිටිය උච්චමුණේ මුහුදු තිරයේ පිහිටි වර්ග කිලෝමීටර් තුන්සිය පහක් වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර මෙහි කොරල් විශේෂ එකසිය විසිදෙකක් හා මත්ස්‍ය විශේෂ හාරසිය විසිදෙකකට ආසන්න ප්‍රමාණයක් ජිවත් වන බවට මෙතෙක් කර ඇති පරීක්ෂණ වලින් අනාවරණය වන බව වන ජීවී දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරයි .

තහනම් දැල් භාවිතා කරමින් කොරල් පරයේ මසුන් ඇල්ලීම හේතුවෙන් කොරල් පරයට හානි සිදු වන බව වන ජීවී දෙපාර්තුමේන්තුව ද පිලි ගනී.

කල්පිටිය වන ජීවී අඩවි සහකාර එන්. සි. දිසානායක ගෙන් අප වාර්තාකරු කළ විමසීමේදී ඉහත තත්වය අනාවරණය විණි.