ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් නැහැ - අකිල

සිකුරාදා දින සම්මත කර ගැනීමට බලාපොරොත්තුවන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උපයෝගී කොට ගෙන ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් බලය ලබාගැනීමේ කිසිදු වුවමනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිටිසේනගේ අනුමැතියෙන් ඉදිරිපත්කළ එකක් නිසා එය සම්මත කරගැනීමේ කිසිදු බාධාවක් ඇති නොවන බව තම පක්ෂයේ බලාපොරොත්තුව බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ජාතික හෙළ උරුමය පවසන ආකරයට ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් බලය ලබාගැනීමේ කිසිදු වුවමනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නොමැති බව පැවසූ අකිල විරාජ් කාරියවසම් ආමාත්‍යවරයා ව්‍යවස්ථා සංශෝධනය සම්මතවූ පසු මැතිවරණයට යාම ස්ථිර බවයි කියා සිටියේ.

" ව්‍යවස්ථා කුමන්ත්‍රණ වලින් බලය ලබාගන්න අපිට ඕනේ නැහැ, අපි ලගදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඒ අවශ්‍ය බහුතර බලය ලබාගන්නවා, පාර්ලිමේන්තුව විසුරුවාලිය හැකි පුද්ගලයන්ගෙන් ඒ සදහා අපිට එකගතාවයක් නිමිව තිබෙනවා" යනුවෙන් පැවසීය.

මෙම පාර්ලිමේන්තුවෙන් සංශෝධනය සදහා අවශ්‍ය සහයක් නොලැබුණහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉදිරි පාර්ලිම්න්තුවේදී ඒ අවශ්‍ය සංශෝධන ඉටුකිරීම සදහා ජනවරමක් ලබාගන්නා බවයි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර