ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘ජනවාරි අට පරාජිතයන් සමඟ එක් වෙන්නේ නෑ’- සෝමවංශ අමරසිංහ

‘උපාය මාර්ගය කෙසේ වෙතත් උපක්‍රමික වශයෙන්’ ජනතා විමුක්ති පෙරමුණ මේ අවස්ථාවේ බරපතළ වරදක් සිදු කරමින් ඇතැයි එම පක්ෂයෙන් ඉල්ලා අස් වූ හිටපු නායක සෝමවංශ අමරසිංහ පවසයි.

ඔහු එම ප්‍රකාශය කළේ බීබීසී සංදේශය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී.

‘ජනතා විමුක්ති පෙරමුණ රට තුළ සමාජවාදය උදා කිරීමට තමන් සතු ශක්තිය අහිමි කර ගනිමින් ඇතැයි’ කියා සිටි සෝමවංශ අමරසිංහ තම ඉල්ලා අස්වීමට හේතු වූයේ එම තත්වය බවයි කියා සිටින්නේ.

සෝමවංශ අමරසිංහ සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාවට මෙහි දී ඔබට සවන් දිය හැකිය.

ඉදිරි ක්‍රියාමාර්ගයේ කොටසක් වශයෙන් තමා මැතිවරණ කොමසාරිස්වරයා හමු වූ බව කියා සිටින ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයා අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ සැලැස්මක් ඇති බව පිළි ගනී.

එහෙත් ජනවාරි අටවෙනිදා පරාජය වූ බලවේගයත් සමඟ තමා දේශපාලන වශයෙන් සන්ධානගත නොවන බවයි සෝමවංශ අමරසිංහ අවධාරණයෙන් කියා සිටින්නේ.