ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රාජපක්ෂවරු හොරකම් කර නැහැ - බැසිල්

රාජපක්ෂවරු ජනතා මුදල් හොරකම් කර හෝ වංචා කර නොමැති බවත් අපරාධ හෝ මිනීමැරුම් සිදු කර නොමැති බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා එසේ කියා සිටියේ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජය වී දින දෙකකට පසු රටින් පිටව ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ.

කටුනායක ගුවන් තොටුපලට පැමිණ සිටි ජනතාව අමතමින් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා සිටියේ තමා ජනාධිපතිවරණයේ පරාජය භාර ගත් බවයි.

නැවත මෙරටට පැමිණියේ නීතියට ගරු කරමින් බව කියා සිටි බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමාට විරුද්ධව ඇති චෝදනාවලට මුහුණ දීමට සුදානම් බවද සඳහන් කළේය.