නේපාලය: ශ්‍රී ලංකාවෙන් සහන සේවකයන් '180 ක්'

Image copyright Getty

නේපාලයේ භූමිකම්පාවෙන් අසරණ වූ ජනතාවට සහන සැලසීම පිණිස වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ බේරා ගැනීමේ සේවකයන් රැගත් ගුවන් යානා දෙකක් පිටත් කළ බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

රජයේ වෛද්‍යවරුන් මෙන්ම බේරා ගැනීමේ කටයුතු වෙනුවෙන් පුහුණුව ලත් හමුදා නිලධාරීන්ද එම පිරිසට ඇතුලත් වන බවයි, නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා බීබීසී සංදේශයට කියා සිටියේ.

එම ගුවන් යානා දෙකේ 180 කට ආසන්න පිරිසක් පිටත්ව ගිය බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, එම මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ වෙනත් අංශයකින් බැවින් ඒ පිළිබඳ නිවැරදි සංඛ්‍යාලේඛන තමන් සතුව නොමැති බවත් සඳහන් කළේය.

"ඒ වගේම ඖෂධ සහ උපකරණත් මෙම ගුවන් යානාවල අපි පිටත් කරලා තියෙනව," ඔහු පැවසීය.

නේපාලයට ආධාර රැගෙන ගිය එවැනි එක් යානයකින් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉක්මනින් යළි ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බවද මාධ්‍ය වාර්තාකරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර