සෝභිත හිමියන්ගේ සත්‍යග්‍රහය අවසන්

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කෙරෙනු ඇති බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ලබා දුන් සහතිකයත් සමග මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ සත්‍යග්‍රහය අවසන් කර තිබේ.

පාර්ලිමේන්තුව විසින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනු ලබන තුරු නොනවත්වා සත්‍යග්‍රහයක නිරත වීමට මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සිවිල් ක්‍රියාධරයෝ ඉරිදා තීරණය කළහ.

ඉරිදා සවස පැවැත්වුණු සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ රැස්වීමකදී එම තීරණය ගන්නා ලද බව ව්‍යාපාරයේ සාමාජිකයෙක් බීබීසී සංදේශයට පැවසීය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳුදා(27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, විවාදයකින් අනතුරුව එය අඟහරුවාදා(28) සම්මත කර ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ආණ්ඩුවේ අපේක්ෂාවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර