ජනපති අසලට පිස්තෝලයක් රැගෙන ආ කෝප්‍රල්වරයා අත්අඩංගුවට

Image caption පිස්තෝලයක් සමග පැමිණ සිටි හමුදා කෝප්‍රල්වරයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කටයුතු කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහභාගී වූ රැස්වීමකට ගිනි අවියක් රැගෙන පැමිණි මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයකු යැයි පැවසෙන හමුදා කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පසුගිය අප්‍රේල් 25 වැනිදා ජනාධිපතිවරයා සහභාගී වූ අඟුණකොළපැලැස්සේ පැවති ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂ රැස්වීමට පිස්තෝලයක් සමග පැමිණ සිටි හමුදා කෝප්‍රල්වරයා පවසා තිබුණේ තමා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයකු බවයි.

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සෙනසුරාදා අත්අඩංගුවට ගනු ලැබූ හමුදා කෝප්‍රල්වරයා ලබන දොළොස් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් අඟුණකොළපැලැස්ස අධිකරණය නියෝග කොට තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගෙන් ප්‍රශ්න කිරීමට බොහෝ විට ඉඩ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මීට ඉහතදී සංදේශයට පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර