ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

පසුගිය ආණ්ඩුව සමයේ සතොසේ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචා පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අදාළ චෝදනා පිළිබඳව ප්‍රශ්න කිරීම පිණිස අඟහරුවාදා උදෑසන 10 ට පොලිස් මූල්‍ය වංචා විමර්ශන කාර්යාලයට වාර්තා කරන මෙන් ඔහුට දන්වා තිබුණි.

අත් අඩංගුවට පත් වූ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙට දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබේ.

හෙට දින (06) හිටපු ඇමතිවරයා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු සමූපකාර සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු ජනාධිපතිවරයාගේ සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ඉතා සමීප ආධාරකරුවකු ලෙස සැලකේ.

ඔහු ඊට පෙරාතුව වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීප ආධාරකරුවකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු, 2001 දී බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ තරුණ කටයුතු අමාත්‍ය ධුරය හෙබැවීය.