රවී විනිමය පාලන නඩුවෙන් නිදහස්

Image copyright Getty

විනිමය පාලන පනත උල්ලංඝනය කළ බවට චෝදනා ලැබ සිටි මුදල් ඇමති රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට අධිකරණය තීන්දු කරයි.

2006 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන තුනකට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට ගෙන්වීම සහ වරදක් සිදු කිරීමට ආධාර, අනුබල දීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරනු ලැබ තිබිණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරුවරිය අයිරාංගනී පෙරේරා කියා සිටියේ මෙම තීන්දුව පිළිනොගන්නේ නම් විත්තිකරුවන්ට එරෙහිව නැවත නඩු පැවරීමට හෝ අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයාට හැකියාවක් පවතින බවයි.

විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා පත්‍රය දෝෂ සහගත බවත් නිසියාකාරව ඉදිරිපත් කර නොමැති බවත් විනිසුරුවරිය ප්‍රකාශ කොට තිබේ.