චාර්ල්ස් කුමරු ෂින් ෆේන් නායකයා මුණ ගැසෙයි

Image copyright Getty Images

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරු අද, අඟහරුවාදා අයර්ලන්තයේ ඓතිහාසික සංචාරයක නිරත වෙයි.

මේ චාරිකාවේදී චාර්ල්ස් කුමරු ෂින් ෆේන් නමින් හැඳින්වෙන අයර්ලන්ත රිපබ්ලිකන් පක්ෂයේ සභාපතිවරයා වන ජෙරි ඇඩම්ස් මුණ ගැසේ.

එසේම, 1979 වසරේදී අයි ආර් ඒ සංවිධානය විසින් සිය මාමා කෙනකු වන මවුන්ට් බැටන් සාමිවරයා ඝාතනය කළ ගම්මානයටද ඔහු යනු ඇත.

අයර්ලන්ත රිපබ්ලිකන් හමුදාව නමින් හැඳින්වෙන අයි ආර් ඒ සංවිධානය ෂින් ෆේන් පක්ෂයට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමයි.

මීට වසර තුනකට ඉහතදී බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජින ද උතුරු අයර්ලන්තයේ සංචාරයක නිරත විය.

ඇය එහිදී හිටපු අයි ආර් ඒ අණ දෙන නිලධාරියකු වූ උතරු අයර්ලන්තයේ නියෝජ්‍ය නායක මාර්ටින් මැක්ගිනස් හා අතට අත දී කථා බහක යෙදුණි .