ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දිවා විවේකය කෙටි කිරීම:ජනතා අදහස්

ශ්‍රී ලංකාවේ රජයේ සේවකයන් පුරුදුව සිටින්නේ දිවා ආහාරය ගැනීම සඳහා පැයක විවේකයක් ලබා ගැනීමටයි.

එසේ වුවද, රජයේ සේවකයන් ගේ දිවා බෝජන විවේකය අඩුකිරීම සම්බන්ධව රජය මගින් නිකුත්කරන ලද චක්‍ර ලේඛණයක් මේ වන විට ජනතාව අතර කතා බහට ලක්වෙමින් පවතී.

රජය ගත් මේ තීරණය වෟත්තීය සමිති කීපයක් විසින් හෙලා දැක තිබෙන අතර මේ පිලිබදව රජයේ සේවකයන් දක්වන්නේ මිශ්‍ර ප්‍රතිචාරයක්.

ඇතැමුන් පවසන්නේ දැනටමත් ඇතැම් රජයේ සේවකයන් හට පැය භාගයකට වඩා විවේකයක් ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ එසේ දීර්ඝ කාලයක් විවේකීව සිටීමෙන් දිනට නියමිත රාජකාරිය අවසන් කිරීමට නොහැකි වන නිසා බවයි.

එහෙත් තවත් සමහරු රජයේ සේවකයන්ට චෝදනා කරන්නේ නීතියෙන් එම කාලය පැය භාගයකට කෙටි කළ ද ඔවුන් පැයක කාලයක් ගත හැකි බැවින් කවුරුන් හෝ ඒ පිළිබඳව සොයා බැලිය යුතු බව පවසමින්.

ජනතාවගේ පැත්තෙන් බැලූ විට මෙය හොඳ අදහසක් බවයි ඇතැම් රජයේ සේවකයන්ගේ අදහස.

එසේ වුවද සේවකයන් ට තම මනස සකස්කර ගැනීමට ඇති අවස්තාව මේ හේතුවෙන් ගිලිහී යන බැවින් කාර්යක්ෂම සේවාවක් ඔවුන්ගෙන් අපේක්ෂා කළ නොහැකි බවයි තවත් සමහරු පවසන්නේ.

රජයේ සේවකයන්ගේ අදහස් මෙන්ම පොදු මහජනතාවගේද අදහස් කැටි කොට මේ වාර්තාව ගෙන එන්නේ ප්‍රසාද් පුර්ණමල් ජයමාන්න.