යාපනය පුස්තකාලයට ගිනි තබා වසර තිස් හතරක්

Image copyright Jaffna Library

යාපනය පුස්තකාලයට ගිනි තබා විනාශ කර වසර තිස් හතරක් ගත වෙයි.

එක්දහස් නවසීය අසූ එක වසරේ මැයි තිස් එක් වනදා රාත්‍රියේ යාපනය පුස්තකාලය ගින්නෙන් විනාශ විය.

යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කිරීම උතුරු පළාත් සභාවේ සභාපති සීවීකේ සිවඥානම් විසින් හඳුන්වනු ලැබුවේ දෙමළ ජනතාවගේ සංස්කෘතිය ඝාතනය කිරීමක් ලෙසයි.

Image copyright Getty
Image caption ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුර යාපනය පුස්තකාලයට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් දේශනයක් පැවැත්විණි

‘අපේ පුස්තකාලයට ගිනි තියන්න කරපු වැරැද්ද මොකක්ද, අපි කනගාටු වෙනවා ඇයි මෙහෙම කෙරුවේ කියලා’ එවකට යාපනය මහ නගරසභාවේ කොමසාරිස්වරයා වශයෙන් සේවය කළ උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ සිවඥානම් සංදේශයට කියා සිටියේය.

යාපනය පුස්තකාලයට සිදු වූ විනාශය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ලයනල් ප්‍රනාන්දු කමිටුව හමුවේ තමා සාක්ෂි දුන් බවත් ඔහු සිහිපත් කළේය.

‘වන්දි ගෙවන්න ඕනි කියලා එක් කෝටි පන්ලක්ෂයක් ලයනල් ප්‍රනාන්දු කමිටුව නිර්දේශ කළා. එතකොට ජේආර් ජයවර්ධන ආණ්ඩුව ලක්ෂ විස්සක් තමයි අපට ගෙව්වේ’ ඔහු පැවසීය.