ජනාධිපතිතුමාගෙන් බලපෑම් නැහැ-අනුර ප්‍රියදර්ශන යාපා

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට බලාපොරොත්තුවන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තමන්ට බලපෑම් නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

පාර්ලිමේන්තුවට අනන්‍යතාවක් ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදියෙක් වන ජනාධිපතිවරයා පාර්ලිමේන්තු කටයුතු වලට බලපෑම් නොකරන බවත් අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේය.

මනාප ක්‍රමය අහෝසි කිරීමට තමන් කැප වී සිටින බව එක්සත් ජනතා නිදහස් සංධානයේ ලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඉදිරි මහ මැතිවරණයට සහ පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන්ගේ අයදුම්පත් භාර ගැනීම ආරම්භ වී ඇති අතර දැනට පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ද අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු බව අනුර ප්‍රියදර්ශන යාපා පැවසීය.