චීනය යුරෝපයට තවත් ලංවෙයි

train Image copyright www.news.cn

චීනය ඊශානදිග හාර්බින් (Harbin) නගරයේ සිට ජර්මනියේ හැම්බර්ග් (Hamburg) නගරය තෙක් නව දුම්රිය සේවයක් ආරම්භ කොට ඇත.

එම ගමන සඳහා දවස් පහළොවක් ගත වෙන බවයි චීන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ.

දුම්රිය් හැම්බර්ග් කරා ධාවනය කෙරෙන්නේ මොන්ගෝලියාව සහ රුසියාව හරහායි.

මෙම නව දුම්රිය සේවය නිසා දැනට එම දුර ගමන් ගැනීමට ගත වෙන ගොඩ බිම සහ මුහුදු ගමන් කාලය අඩකටත් වඩා අධික මට්ටමකින් අඩු වෙන බවයි පැවසෙන්නේ.

මෙම නව දුම්රිය මාර්ගය යුරෝපය , මධ්‍යම ආසියාව සහ නිරිත දිග ආසියාව වැනි කලාප කරා මහාමාර්ග - නැව් සහ දුම්රිය ගමන් පුළුල් කිරීම සඳහා ඩොලර් කෝටි දහස් ගණනක් ආයෝජනය කරනු ලැබීමට චීන බලධාරීන් අතර පවතින අභිලාෂය සංකේතවත් කෙරේ.