ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වැඩි නොකළ යුතුයි - එජාප

නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා ඉඩකඩ සළසා දෙමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටීමට ඊයේ සිකුරාදා(12) රැස් වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීන්දු කර ඇත.

ලබන මහ මැතිවරණය පවතින ක්‍රමය යටතේ පවත්වා ඉන් පසුව අනාගතයේ පැවැත්වෙන මැතිවරණ යෝජිත නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවයි එක්සත් ජාතික පක්‍ෂය පවසන්නේ.

පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 225 ට වඩා වැඩි නොවිය යුතු බවත් එම පක්ෂය කියා සිටියි.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දැනට ඇති මන්ත්‍රී සංඛ්‍යාව වැඩි නොකර මිශ්‍ර නියෝජන ක්‍රමයක් නිර්මාණය කිරීම සිය පක්ෂයේ ස්ථාවරය වන බවයි.

එහෙත් නව මැතිවරණ සංශෝධන අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 235 ක් බවට පත් කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා එකග විය.

ශ්‍රී ලංකාවේ සුළු ජාතික සහ කුඩා දේශපාලන පක්ෂ කීපයක්ම එම කැබිනට් තීන්දුවට දැනටමත් ප්‍රසාදය පළ කර ඇත.