මන්ත්‍රී ධුරය යළි ලබා ගැනීමට සරත් ෆොන්සේකා ඉදිරිපත් කල පෙත්සම ඉවතට

sarath fonseka

අහිමි කල සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යලි ලබාදෙන මෙන් නියෝගයක් පනවන මෙන් ඉල්ලා හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකෛදිරිපත් කල පෙත්සම ගාස්තුවට යටත් කොට ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීරණය කොට ඇත.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර තිබු මැතිවරණ කොමසාරිස් ඇතුළු රජයේ නිලධාරීන්ට රුපියල් පනස් පන් දහසක නඩු ගාස්තුවක් ගෙවන මෙන් ද අධිකරණය සරත් ෆොන්සේකාට නියම කළේය.

පෙත්සම්කාර සරත් ෆොන්සේකා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුනේ යුද්ධාධිකරණය මගින් තමන්ව වැරදිකරු කිරීමෙන් පසුව සිය මන්ත්‍රී ධුරය අහිමි කොට ඒ සදහා ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පත්කළ බවයි.

එහෙත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සියළු චෝදනාවලින් තමන්ව නිදහස් කර පොදු සමාවක් ප්‍රධානය කර ඇති නිසා ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ පත්වීම අවලංගු කර ඒ සදහා තමන්ව පත් කිරමේ නියෝගයක් පනවන මෙන් සරත් ෆොන්සේකා අධිකරණයෙන් ඉල්ලා තිබුනා.

එහෙත් එම ඉල්ලීම ප්‍රත්ක්ෂේප කරමින් අධිකරණය කියා සිටියේ පෙත්සම්කරු ඉල්ලා සිටින ආකාරයේ නියෝගයක් පැනවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල කිසිදු ප්‍රතිපාදනයක් නොමැති බවයි.

එම නිසා පෙත්සම තුල කිසිදු නිතිමය පදනමක් නොමැති නිසා එය ප්‍රතික්ෂේප කරන බවයි අධිකරණය කියා සිටියේ.

මෙම තීරණය හරහා සත්‍යයය ජයගෙන ඇති බව පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස නම් කොට තිබු ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බවයි සරත් ෆොන්සේකා පාර්ශවයේ නීතිවේදීන් අධිකරණය හමුවේ කියා සිටියේ.