ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා ධීවර අපනයනයට කොළ එළියක්"

යුරෝපා හවුල සමඟ යළිත් ධීවර අපනයන සඳහා අවස්ථාව උදා කර ගැනීමට වත්මන් රජය පියවර ගනිමින් සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ ධීවර ප්‍රශ්න සොයා බැලීම සඳහා කල්පිටිය, කන්දකුලිය ප්‍රදේශයේ ධීවර ගම්මානවල කළ සංචාරයකදීයි

කලක සිටම කල්පිටිය ප්‍රදේශයේ ධීවරයෝ ප්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටිති.

ප්‍රධාන ප්‍රශ්නය බවට පත්ව තිබුණේ තහනම් ආම්පාන්න යොදා ගෙන කෙරෙන මසුන් මැරීමයි.

මෙම හේතුවෙන් සංචාරක කර්මාන්තයට මෙන්ම ධීවර කර්මාන්තයට විශාල ලෙස බලපෑම් එල්ල විය.

ධීවර අපනයනට තහංචි

ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව මුහුණ දුන් බරපතළ ප්‍රශ්නයක් වුනේ යුරෝපා හවුල ශ්‍රී ලංකාවේ ධීවර අපනයනට තහංචි දැමීමයි.

ඒ නිසා රටට විදේශීය විනිමයද අහිමි විය.

යුරෝපා හවුල විසින් ශ්‍රී ලංකාවට තහංචි පැනවීමට හේතුව කලින් ආණ්ඩුවට එල්ල කෙරුණ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා යයි ප්‍රකාශ කල අගමැති රනිල් වික්‍රමසිංහ ධීවර අපනයන තහංචිය පමණක් නොව යුරෝපා සංගමයේ (GST) තීරු බදු සහනය ලබා ගැනීමටත් සිය පාලනය කටයුතු කරන බවයි ධීවර ප්‍රජාව අමතා කියා සිටියේ.