අංශභාග රෝගීන් සඳහා පළමු වරට පුනරුත්තාපන මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකාවේ අංශභාග රෝගීන් සඳහා ප්‍රථම වරට පුනරුත්තාපන මධ්‍යස්ථානයක් මඩකලපුවේ රජයේ රෝහලේ විවෘත කෙරෙයි.

දේශීය හා විදේශීය ආධාර ඇතිව මෙම පුනරුත්තාපන මධ්‍යස්ථානය පිහිටුවා තිබේ.

ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් 110 දෙනෙකුගෙන් එක් අයකු අංශභාග රෝගයෙන් පීඩා විඳින බව කොළඹ විශ්වවිද්‍යාලය මගින් නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක සඳහන්.

රට පුරා රජයේ රෝහල් හයක පමණ අංශභාග රෝගීන් සඳහා වූ ප්‍රතිකාර අංශ පිහිටා තිබෙන නමුත් ඒ සඳහා විශේෂිත වූ පුනරුත්තාපන මධ්‍යස්ථාන නොමැති බව මානසික සෞඛ්‍ය ඒකකය භාර ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි ජූඩි රමේෂ්කුමාර් පැවසුවේය.