ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවන්ට 'නාමයෝජනා නෑ'

දූෂණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව චෝදනා ලැබූවන්ට නාමයෝජනා නොලැබෙනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ක්‍රියාදාමය මෙහෙයවීමේ කමිටුවේ සාමාජිකයකු වන එස් බී දිසානායක ඇමතිවරයා පවසයි.

"සමහර අයට නොමිනේෂන් ලැබෙන එකක් නෑ. මම හිතන්නේ ඒක පක්ෂයත් බලාපොරොත්තු වෙනවා."

"ඉතින් ඒක මෛත්‍රී අතින් ඉෂ්ඨ වෙයි."

සම්ප්‍රදායයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගමැති අපේක්ෂකයකු නම් නොකරන බව පවසන එස් බී දිසානායක අමාත්‍යවරයා, මෙවරද එහි වෙනසක් සිදු නොවනු ඇති බවත් බීබීසී සංදේශයට පැවසීය.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අනිවාර්යයෙන්ම අගමැති අපේක්ෂකයා ලෙසින් තරඟ කරන බවටකුමාර් වෙල්ගම මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්.