'දේශපාලන අවුල ආර්ථිකයට බලපානවා'

santhush fernando

ශ්‍රි ලංකාවේ ඇතිව තිබෙන දේශපාලන කැළඹීම් ආර්ථිකයට අහිතකර ලෙස බලපාන්නට පටන් ගෙන ඇති බව බව සන්ඩේ ලීඩර් පුවත් පතේ ව්‍යාපාරික කර්තෘ සන්තුෂ් ප්‍රනාන්දු කියා සිටී.

දිගු කාලීන ආයෝජන ප්‍රතිපත්ති ඇති නොවන වාතාවරණයක් තුළ ආයෝජකයින් එක අතකින් අළුතින් ආයෝජන නොකරන අතර අනෙක් අතට වෙළෙඳපොළින් තම ආයෝජන ඉවත් කර ගැනීමට කටයුතු කිරීමේ ප්‍රවණතාවක් හට ගෙන ඇතැයි සන්තුෂ් ප්‍රනාන්දු කියා සිටී.

මිල දර්ශක

කොළඹ කොටස් මිල දර්ශකය පසු ගිය බ්‍රහස්පතින්දා හත් දහසේ සීමාවෙන් පහළට වැටුණු බවත් මේ අනුව විදේශීය ආයෝජකයින් කොටස් වෙළෙඳපොළින් ඉවත්ව යෑම සනිටුහන් කරන බවයි සන්තුෂ් ප්‍රනාන්දු වැඩි දුරටත් කියා සිටියේ.

මේ අවස්ථාවේ ඡන්දයෙන් ජයග්‍රහණය කිරීමේ අරමුණෙන් දිගු කාලීන ආර්ථික සංවර්ධනය නොතකා පොරොන්දු ලබා දීමේ හේතුවෙන් දිගකාලීන ආර්ථික සංවර්ධනය අඩාල වෙන බවයි සන්තුෂ් ප්‍රනාන්දු සඳහන් කරන්නේ.

ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ නොකරන ආණ්ඩුවක් හෝ සුළුතර ආණ්ඩුවක් මිළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලයට පත් වුවහොත් ආයෝජකයින් තවදුරටත් පසුබෑමට ඉඩ තිබෙන බව ස්න්තුෂ් ප්‍රනාන්දු පෙන්වා දෙයි.