විනිසුරු සරත් ආබෘ ඇප මත මුදා හරී

sarath abrw Image copyright Derana
Image caption විනිසුරු සරත් ආබෘ උසාවියට පැමිණි අවස්ථාව(සේයා රූ අනුග්‍රහය දෙරණ)

ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියට පැමිණ කට උත්තරයක් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ ඇප මත මුදා හැර ඇත.

රහස් පොලිසිය විසින් උසාවිය ඇතුළේ දී කට උත්තරය ලියා ගත් බව පොලිස් මාධ්‍යය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේය.

ගල්කිස්ස උසාවියේ මහේස්ත්‍රාත්වරයා රුපියල් පන් ලක්ෂයක ඇපයක් මත විනිසුරු සරත් ආබෘ මුදා හැරිය අතර රහස් පොලීසියට ප්‍රකාශයක් කරන මෙන්ද නියෝගයක්ද කළේය.

විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව අනුමැතිය පළකිරීමෙන් අනතුරුව රහස් පොළීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගිය පසු ඔහු ගල්කිස්ස පොලීසියට පැමිණියේය.

විමර්ශන කටයුතුවල ප්‍රගතිය පිලිබඳව රහස් පොලීසියේ නිලධාරීහු උසාවියට කරුණු දැක්වුහ.

තිස් නම හැවිරිදි ගෘහ සේවිකාවට ගිනි අවියකින් පහර දුන් බවට පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කොට තිබින.

විරෝධතා ව්‍යාපාරය

සිය නිවසේ මෙහෙකාරියට පහර දුන් බවට චෝදනා ලබන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ අත්අඩංගුවට ගෙන ඔහු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන මෙන් රජයට බල කිරීම සඳහා කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට නිහඬ විරෝධතා ව්‍යාපාරයක් පැවත්වින.

Image copyright bbc

මෙම නිහඬ විරෝධතා ව්‍යාපාරය කැඳවා තිබුණේ ශ්‍රී ලංකා ගෘහ සේවක සංගමයේ සාමාජික සාමාජිකාවන් විසිනි.

විරෝධතා ව්‍යාපාරය අතරවාරයේ ප්‍රකාශයක් කළ එම සංගමයේ සභාපතිනි සත්‍යවානි සරසුගෝපාල් කියා සිටියේ, සිය නිවසේ මෙහෙකාරියට පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විනිසුරු සරත් ආබෘ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රජය පියවර ගත යුතු බවයි.

එමෙන්ම ගෘහස්ථ කම්කරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ වැඩ පිළිවෙළක් රජය මගින් ක්‍රියාත්මක කළ යුතු බවත් ඇය කියා සිටියාය.

ශ්‍රී ලංකා ගෘහ සේවක සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ විරෝධතා ව්‍යාපාරයට සහාය දීමට සහභාගි වූ සත්‍යවේල් පියතුමා කියා සිටියේ චෝදනා එල්ල වී ඇති විනිසුරු සරත් ආබෘ සඳුදා දිනයේත් අධිකරණය තුළ නඩු ඇසීමේ කටයුතු වල නිරත වෙමින් සිටීම අනුමත කළ නොහැකි බවයි.

මූලික අයිතිවාසිකම්

විනිසුරු සරත් ආබෘට එරෙහිව චෝදනා කිරීම තුලින් ඔහුගේ මූලික හිමිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් ඔහුගේ පාර්ශ්වයෙන් මේ අතර මූලික අයිතිවාසිකම් පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

එම පැමිණිල්ල ඉදිරිපත් කරන නීතිවේදී නිමල් මුතුකුමාරණ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවක දී කියා සිටියේ ශ්‍රී ලංකාවේ මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය මගින් තම සේවාදායකයාට එරෙහිව ප්‍රහාරයක් ආරම්භ කර ඇති අතර එමගින් ඔහුගේ මූලික හිමිකම් කඩ වී ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර