ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විප්ලවය තහවුරු කරන්න අපි එකතු වුනා - රනිල්

ජනවාරි 8 විප්ලවය තහවුරු කර ජනතාවට ආර්ථික සහන ලබා දෙනු වස් යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ බිහි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

"ආපහු හිටපු ජනාධිපතිතුමත්, රාජපක්ෂ රෙජීමයත් ඔලුව ඉස්සුවා. ආපසු තර්ජනයක් ආවා මේ විප්ලවයට. ඒ නිසා ජනවාරි අට වෙනිදා විප්ලවය තහවුරු කරන්න අපි ඔක්කොම එකතු වුනා," අගමැතිවරයා කියා සිටියේ මහනුවර පැවති එක්සත් ජාතික පෙරමුණු මංගල රැළිය අමතමින්.

ජාතික හෙළ උරුමයේ අමාත්‍ය පාඨලී චම්පික රණවක රැළිය අමතමින් සඳහන් කළේ කිසිදා තම පක්ෂය පරදින සටනකට එක් වී නොමැති බවයි.

"පක්ෂ, පාට, ජාති භේද කිසි දේකින් තොරව එකතු වී ඒ වෙනස රැක ගැනීම සඳහා පොර වැදී සිටින මේ මොහොතේ අපේ ජනාධිපතිතුමන් ක්‍රමයෙන් තමන්ගේ ප්‍රාණ ඇපකරුවෙක් බවට පත් කර ගත්ත වෑයම පරාජය කරන්නයි අපි කවුරුත් එකතුවෙලා කටයුතු කළේ," මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් පැවසීය.