ශ්‍රීලනිප නායක හදිසි හමුවක්

Image copyright SLFP

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහල මට්ටමේ නායකයන් සහභාගී වෙන හදිසි රැස්වීමක් පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතී.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප අපේක්ෂක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් ඊට සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම සාකච්ඡා පිළිබඳව තොරතුර ලද වහාම මෙහි පළ කෙරෙනු ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (15)සවස ආරම්භ කෙරෙන රැස්වීමකදී එක්සත් ජනතා සන්ධානයෙන් පරිබාහිරව තරඟ වදින පක්ෂ සාමාජිකයන්ගේ සාමාජිකත්වය අහෝසි කිරීමටද පියවර ගනු ලබන බව එම පක්ෂයේ ආරංචි මාර්ගවලින් පැවසෙයි.

හිටපු ජනාධිපතිවරයා එක්සත් ජනතා සන්ධානයේ මැතිවරණ මෙහෙයුමේ ප්‍රධානියා හැටියට පත් කිරීමටත් තීන්දු කර ඇති බවයි වාර්තා වන්නේ.