ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ගැටුම විවේචනයට

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක් දින ජාත්‍යන්තර තරඟය පැවැත්වෙන අතරවාරයේ ක්‍රීඩාලෝලීන් සුළු පිරිසකගේ හැසිරීම දෙපාර්ශවයේම ක්‍රීඩා විචාරකයන්ගේ සහ හිටපු ජාතික ක්‍රීඩකයන්ගේ විවේචනයට ලක් වී තිබේ.

තරඟය අතරවාරයේ ක්‍රීඩා ලෝලීන් එල්ල කළ ප්‍රහාරවලින් වාහන කිහිපයකට බරපතල අලාභහානි සිදු විය.

ගැටුම මැඩපැවැත්වීම පිණිස පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය කැඳවීමෙන් අනතුරුව තරඟය යළි ආරම්භ විය.

ක්‍රීඩාංගනයේ කොටසක ක්‍රීඩාලෝලීන් අතර හටගත් ගැටුමක් ක්‍රීඩාංගනයෙන් පිටතටද පැතිර ගිය බවයි, විශ්වාස කෙරෙන්නේ.

හිටපු පාකිස්තාන පිතිකරුවකු වන, ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් සභාපති සහීර් අබ්බාස්, දෙරට අතර පැවැත්වෙන එක් දින ශූරතාවලියේ තුන් වෙනි තරඟයේ ප්‍රධාන අමුත්තා ලෙසින් සහභාගි වෙමින් සිටියදීයි ගැටුම හටගත්තේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර