මහින්ද පරිපාලනය දුෂිතයි -මංගල සමරවීර

mangala and mahinda
Image caption පෙර දවස-සංරක්ෂිත ඡයාරූප

හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඇයිදැයි බීබීසී යේ අසාම් අමීන් විමසු විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීමෙන් දුෂණ විමර්ශන වලින් බේරී සිටීමේ වැඩි ඉඩක් ඔහුට ලැබෙතැයි සිතා මැතිවරණයට ඉදිරිපත් වුවා විය හැකි යැයි මංගල සමරවීර අමාත්‍යවරයා කියා සිටියේය.

ජාත්‍යන්තරයේ වත්කම් සැඟවීම සහ අයුතු බලය භාවිතා කිරීම පිළිබඳව රාජපක්ෂ පරිපාලනය වග කිවයුතු බව සමරවීර ඇමතිවරයා කියා සිටියේය. පාර්ලිමේන්තු මැතිවරණය ජයගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම එක්සත් ජාතික පක්ෂයේ බලාපොරොත්තුව වුවත් ඒ සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිසිසේත් එක්කර නොගන්නා බව විදේශ ආමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඉදිරි පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවනවාදැයි බී බී සී සිංහල සේවාවේ ෆේස් බුක් චැට් වැඩසටහනට යොමුව තිබු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ

"මහින්ද ඉන්න පිළත් එක්ක කිසිසේත්ම ජාතික ආණ්ඩුවක් නැහැ,මහින්ද රාජපක්ෂට ලැජ්ජාවක් නැතිවුනාට අපිට ලැජ්ජාවක් තියෙනවා පාර්ලිමේන්තුවේ එකට වැඩකරන්න"

" අපි බලපොරෝත්ත් වුනා එක්සත් ජනතා නිදහස් සන්ධානය දුශිත්යන්ට නාමයෝජනා ලබා නොදෙයි කියලා, නමුත් අද ඔවුන්ට නාමයෝජනා දීලා තියෙනවා,ඒ නිසා එවැනි දුෂිතයන් සිටින පක්ෂයක් සමග නම් එක්සත් ජාතික පක්ෂයට ජාතික ආණ්ඩුවක් කරන්න අමාරුවෙයි නමුත් දුෂණ වලට සම්බන්ධ නොවූ සැබැ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් එක්ක අපිට වැඩකරන්න පුළුවන්වෙයි"යැයි විදේශ ඇමතිවරයා කියා සිටියේය.

මැතිවරණ ජයග්‍රහන

Image caption ෆේස් බුක් සංවාදයට එක්වී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශවයෙනුත් තමන් එක්සත් ජාතික පක්ෂයත් සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්නොවන බව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අවස්ථාව ගණන්වකම ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ගැන අදහස් පළකොට ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන ආගමනයත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයට මැතිවරණය ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් ලැබී තිබෙනවා නේදැයි යොමුව තිබු ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ මෙවර මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂට වාසි සහගත දිස්ත්‍රික්ක වන හම්බන්තොට හා මාතරත් ජයගන්නේ එක්සත් ජාතික පක්ෂය බවයි.

" සන්ධානය දියවී යනවා මේ මැතිවරණයෙන්,මහින්ද රාජපක්ෂ යළි වතාවක් තම බල පෙරේතකම නිස පාර්ලිමේන්තුවට එන්න උත්සහ කිරීම තුලින් අපට විශාල වාසියක් අත්වි තිබෙනවා,අපි නොහිතපු බලවේගත් අද අපිට සහය දෙනවා" යැයි සමරවීර පැවසීය.