අහස් ගව්ව: විශ්වයේ විශ්මය

අහස් ගව්වට කැමරා කාචය සුසර කළ ඡායාරූප ශිල්පීන් කිහිප දෙනෙකු මහ පොළොවේ සිට විශ්වය දුටු ආකාරය.

‘කලපුවේ හදවත’

ආලෝක වර්ෂ පන් දහසක් ඈතින් ධනු රාශියේ පවතින නිබුලා කලපුව නමින් හැඳින්වෙන තරු පන්තිය. (László Francsics)

‘කුණාටුවට පෙර නිසල බව’

තාරකා ගහන ක්‍ෂීර පථයකට යටින් පැන නැගුණු විදුලි රේඛා. (Julie Fletcher)

ධූම කේතුවක සුන්දරත්වය

සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමනේ යෙදෙන (C2014 Q2 Lovejoy) ලව්ජෝයි ධූම කේතුව (Michael Jaeger)

දැවෙන තාරකාව

මීට වසර තිස් දහසකට පමණ පෙර පුපුරා යන්නට ඇතැයි සැලකෙන (IC443) තාරකාවක අවශේෂයක්. (Patrick Gilliland)

‘සඳයි කඳු වැටියයි’

හිම පතනය වූ දිනෙක ඉතාලියේ අන්තෙලාවෝ කඳු වැටියට ඉහලින් දිස් වෙන සඳවතිය. (Marcella Giulia)

‘උත්තරාලෝකය’

නොර්වේ රාජ්‍යයේ සෙන්ජා කඳු මුදුනින් එපිට ඔක්සිජන් සහ නයිට්‍රිජන් සුසංයෝගය නිසා ඇතිවන කොළ පැහැති අරුණාලෝකය. (Rune Engebo)

‘ඉර දාහය’

සූර්යයාගෙන් පිටතට නෙරා එන ගිණි ජාලාවක්. (Gary Palmer)

‘ආකාශ කැඩපත’

බොලිවියාවේ පිහිටි ලොව විශාලතම ලවණ තට්ටුව මත දිස් වෙන රාත්‍රී ආකාශය. (Xiaohua Zhao)

‘අරුණාලෝකයේ කෙළවර’

කැනඩාවේ වයඹ දිග අන්තයේ ඔක්සිජන් අධි සාන්ද්‍රණය නිසා ඇතිවන රතු පති ආලෝක ධාරා. ( O Chul Kwon)

‘කන්ද කපා පායන පුන්සඳ’

අරුණැල්ල වැටෙන්නට මොහොතකට පෙර ඉතාලියේ ඇල්ෆ් කඳු වැටියට ඉහලින් පායා ඇති පුර හඳ. (Stefano De Rosa)