'දේශපාලකයන් ජාවාරම් කරුවන්ගෙන් බේරා ගනිමු'

Image copyright Dr Nilanga Samarasinghe

ඉදිරියේ දී පත් වන රජයක දේශපාලකයන් මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට සහ අල්ලසට යටවීමෙන් බේරා ගැනීම තමා ඉදිරියේ ඇති විශාලතම අභියෝගය බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලන්ග සමරසිංහ ප්‍රකාශ කරයි.

තමන්ට එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මාධ්‍යය හමුවක දී කියා සිටියේ විෂය භාර ඇමතිවරයාගේ ඉල්ලීම මත මිස වෙනත් අරමුණක් හේතුවන් නොවන බව වෛද්‍යය නිලන්ග සමරසිංහ පැවසුවේය.

ඔහු එසේ පැවසුවේ තමන්ට සහ පවුලේ සාමාජිකයන්ට එල්ලවී ඇති තර්ජන පිළිබඳව කළ අනාවරණය හේතුවෙන් එල්ලවී ඇති චෝදනා පිලිබඳව සංදේශය කළ විමසුමකට අදහස් දක්වමින්.

තමන් ඉදිරිපත් කලේ සත්‍ය තොරතුරු බවත් ඒවා ඕනෑම ස්ථානයක දී ඉදිරිපත් කිරීමට හැකි බවත් වෛද්‍ය නිලන්ග සමරසිංහ ප්‍රකාශ කළේය.

තමන්ට මේ වන විට අගමැති ආරක්ෂක අංශයෙන් ආරක්ෂාව ලැබී ඇති හෙයින් ඉදිරියේ දී තර්ජන එල්ල නොවනු ඇති බවටත් ඔහු විශ්වාසය පල කළේය.