ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සෝභිත හිමියන් රනිල් සමග ගිවිසුමක

එක්සත් ජාතික පෙරමුණ සමඟ ශ්‍රී ලංකාවේ පුරවැසි සංවිධාන, සිවිල් සංවිධාන සහ වෘත්තීය සංවිධාන එක්ව අද(28) ගිවිසුමකට අත්සන් තබන ලදී.

පුජ්‍ය මාදුළුවාවේ සොබිත හිමියන්ගේත් අග්‍රාමාත්‍ය රනිල් වීක්‍රමසිංහගේත් ප්‍රධානත්වයෙනුයි කොළඹ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම ගිවිසුමට අත්සන් තැබුනේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ ඇති කර ගත් අවබෝධතා ගිවිසුම පොරොන්දු දේශපාලනයෙන් ඔබ්බට ගිය එකක් බව මාදුළුවාවේ සෝභිත හිමියන් කියා සිටියේ එකී ගිවිසුම පිළිබඳව බීබීසීයට පැහැදිලි කරමින්.