ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තරුණ තරුණියන්ට රුපියල් පනස් දහසක් -මහින්ද

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම අද (28) කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ දී සිදු විණි .

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දැක්වීමේ අවස්ථාවට ආගමික නායකයෝ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ නායකයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියෝය.

පොරොන්දු

රාජ්‍ය සේවයේ මුලික වැටුප රුපියල් විසිපන් දහස දක්වා වැඩි කිරීම, වයස අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන්ට රුපියල් පනස් දහසක මුදලක් ලබා දීම, විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබු විට රුපියල් දස දහසක මුදලක් ලබා දීම, මහපොළ දීමනාව රුපියල් හය දහස දක්වා වැඩි කිරීම යන පොරොන්දු මෙම ප්‍රකාශනයේ ඇතුළත් වෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් කර තිබුනේ "අනාගතයට සහතිකයක්" යනුවෙනි .

දොළොස් වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් මෙහි අන්තර්ගත කර ඇත.

Image copyright b

ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ මාස හයක් ඇතුළත නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවයි.

පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කරන අතර ගම් සභා ක්‍රමය ශක්තිමත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.