රාජිත, අර්ජුන, හිරුනිකා ඇතුළු පිරිස පක්‍ෂයෙන් නෙරපයි

එක්සත් ජාතික පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් 5 දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

මේ අනුව දොස්තර රාජිත සේනාරත්න, අර්ජුණ රණතුංග, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, එස්.බී. නාවින්න සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන පිරිසගේ පක්ෂ සාමාජිකන්වය අත්හිටුවා ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔවුන් වෙත ඒ බව දැනුම් දී ඇති බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

ඔවුන් පක්ෂයේ නීති රීතිවලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් පක්ෂ ව්‍යවස්ථාවෙන් සභාපතිවරයාට ලැබී ඇති බලතල අනුව මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.