කොටහේනේ සිදුවීම රහස් පොලීසියට

rosy_senanayaka
Image caption ප්‍රහාරයට ලක්වූවන් බැලීමට රෝහලට ගිය පිරිස අතරේ රජ්‍ය අමාත්‍ය රෝසි සේනානායකද සිටියාය.

කොළඹ, කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අමාත්‍ය රවී කරුණානායකගේ මැතිවරණ ප්‍රචාරනයේ යෙදී සිටි පිරිසකට නාදුනන කණ්ඩායමක් විසින් කළ වෙඩි තැබීමක් නිසා කාන්තාවක් මිය ගොස් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

විමර්ශන කටයුතු රහස් පොලීසියට පවරා ඇති අතර,මේ පිළිබඳ ව දැනටමත් කීප දෙනෙක් ගෙන් ප්‍රශ්න කොට ඇති බව පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර සංදේශයට පැවසීය

මියගිය කාන්තාව හතළිස් දෙහැවිරිදි මදර් සාහිත් සිත්ති නසීමා වශයෙන් හඳුනාගෙන ඇත.

අද දහවල් කාලයේ දීයි මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ.

වාහන දෙකකින් පැමිණි පිරිසක් මෙසේ රවී කරුණානායක අමාත්‍යවරයාගේ අධාරකරුවන්ට වෙඩි තබා පලා ගොස් තිබෙන බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.

සුදු වෑන් සංස්කෘතිය යළිත් හොල්මන් කරන්නට පටන් ගෙන ඇති නමුත් ඊට බිය නොවන ලෙස රවී කරුණනායක ඡන්ද දායකයින් ගෙන් ඉල්ලා සිටියේය.බීබීසී සංදේශයේ අසාම් අමීන්ට කථා කළ රවී කරුණානායක කියා සිටියේ පන්සීයකට වැඩි ආධාරකරුවන් පිරිසක් සමඟ සිටියදී වාහනයකින් පැමිණි පිරිසක් දිගට හරහට වෙඩි තබන්නට වූ බවයි.

තුවාල කරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතළ බවයි ජාතික රෝහලේ ආරංචි මාර්ග පවසන්නේ.

මෙවර මැතිවරණයේ මෙතෙක් වාර්තාවුණු සිදුවීම මෙය වන අතර මේ සිද්ධියට පෙර මෙම මැතිවරණය අතිශය සාමකාමී මුහුණුවරක් ගනු දක්නට ලැබුණි.