ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වසර දෙකක් ගෙවුනත් වතුර නැති රතුපස්වල

බිමට ජලය ඉල්ලා හඩ නැඟු රතුපස්වල ජනතාවට රාජ්‍ය ප්‍රහාර එල්ල වුනේ හරියටම මිට වසර දෙකකට පෙර.

එවකට පැවති රජය යටතේ සිදුවූ එම ප්‍රහාරය පවතින රජය හෙලා දැක්කත් මෙතෙක් රතුපස්වල ජනතාවගේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට සමත් වී නැත.

අද, සෙනසුරාදා වැලිවේරිය නගරයට රැස් වූ රතුපස්වල ජනතාව කියා සිටියේ තමන් තවමත් අසරණ බවයි.

රතුපස්වල අත්වැසුම් කම්හලෙන් පිට කෙරෙන රසායනික අප ද්‍රව්‍ය හේතුවෙන් බීමට ගන්නා ජලය අපවිත්‍ර වීම හේතුවෙන් එම ප්‍රශ්නය බලධාරීන්ගේ අවධානයට යොමු කිරීමටයි ජනතාව උද්ඝෝෂණයක නිරත වුණේ.

තමන්ට පොලීසියෙන් හා හමුදාවෙන් එල්ලවූ ප්‍රහාර හේතුවෙන් ශාරීරිකව සිදුවී ඇති හානි වලට වන්දියක් ගෙවීමට හෝ බලධාරීන් මෙතෙක් පියවරක් නොගැනීම ගැන ඔවුහු කනස්සල්ල පල කරති.

මේ සිද්ධියෙන් තිදෙනකු මිය ගිය අතර තවත් පිරිසක් තුවාල ලැබූහ.