කාත්තන්කුඩි එල්ටීටීඊ ප්‍රහාරය: 'දෙවියන්ගෙන් ඉල්ලීමක්'

Image caption කාත්තන්කුඩි පල්ලිය තුළ ශේෂ වී තිබෙනවෙඩි සහ අත් බෝම්බ ප්‍රහාරවල සලකුණු

එල්ටීටීඊ ප්‍රහාරයකට ගොදුරු වී අදින් වසර විසිපහකට පෙර මරුමුවට පත් වූ මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් වැසියන් සිහි කොට අනුස්මරණ උත්සවයක් පැවැත්වෙයි.

ප්‍රදේශයේ මුස්ලිම් පල්ලි දෙකකට එල්ල වූ ප්‍රහාරයන්ගෙන් බැතිමතුන් 103 දෙනකු මරුමුවට පත් වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.

'මේ වගේ සිද්ධීන් ආපහු එන්නේ නැතුව සමාදානයෙන් ලංකාවේ සියලුම ජාතීන් ජීවත් වෙන්න, දෙවියෝ උදව් කරන්න ඕනි කියලා ප්‍රර්ථනා කළා' අනුස්මරණ උත්සවයට සහභාගී වූ ප්‍රදේශවාසියෙක් පැවසීය.

1990 වසරේ අගෝස්තු 3 වැනි දින රාත්‍රියේ මස්ජිදුල් ජුම්මා දේවස්ථානය තුළ යාච්ඤා කරමින් සිටි බැතිමතුන් වෙත පළමුව ප්‍රහාර එල්ල කළ එල්ටීටීඊ සටන්කරුවෝ පසුව හුසයිනියා දේවස්ථානයේ තුළ ආගමික වතාවත්වල යෙදී සිටි බැතිමතුන් වෙතද ප්‍රහාර එල්ල කළහ.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පාලන සමය අතරතුර 1989 වසරේදී සටන් විරාමයක් ක්‍රියාත්මක වූ අතර 1990 වසරේ මැද භාගය වන විට එම සටන් විරාමය බිඳ වැටිණි.

එම කාල වකවානුව තුළදී එල්ටීටීඊය විසින් මුස්ලිම් ජනතාව ඉලක්ක කොට ප්‍රහාර එල්ල කළ අතර කාත්තන්කුඩි ප්‍රදේශයද එහිදී ප්‍රහාරයට ලක් විය.