ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කොටි සංවිධානයට මුදල් දීමේ චෝදනා 'අමූලික බොරුවක්'

මහින්ද රාජපක්ෂ පරිපාලනය සමයේ, "ගෝඨාභය රාජපක්ෂට බෝම්බ ප්‍රහාරය එල්ල වන තුරු" කොටි සංවිධානයට මුදල් දුන් බවට අගමැති රනිල් වික්‍රමසිංහ කරන චෝදනාව හිටපු ජනපතිවරයා ප්‍රතික්ෂේප කරයි.

"මොන විකාරද? එයානේ මුදල් දුන්නේ? මුදල් විතරක් නෙවෙයි එයා දෙන්න තියෙන ඔක්කොම දුන්න. ආයුධ දුන්න ඒ කට්ටිය, ගුවන් විදුලියක් දුන්න. රටත් දුන්න. රට බෙදල දෙන්න ලැස්ති වෙලා තිබුණේ."

හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

එදා පැවති වාතාවරණය දැන් බොහෝ දෙනාට අමතක වී ඇති බවද ඔහු පැවසීය.