සලකුණට නොව පාටට ඡන්දය දුන් අතීතය

Image copyright lanka parliment
Image caption පැරණි පාර්ලිමේන්තුව

ශ‍්‍රී ලංකාවේ මැතිවරණ පුරාණය විමසන්නේ පුරා දශක පහකට වැඩි කාලයක් මැතිවරණ වාර්තා කිරීමේ නියැළුන දයා ලංකාපුරයි.

ශ‍්‍රී ලංකාවේ මැතිවරණ උණුසුම දිනෙන් දින ඉහළ යමින් පවතී. පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ආසන 225 න් 196 ක් සඳහා දේශපාලන පක්ෂ 21 කින් හා ස්වාධීන කණ්ඩායම් 201 කින් අපේක්ෂකයෝ 1651 ක් තරග වැද සිටිති. ඡුන්ද දායකයින් දැනුම්වත් කිරීම සඳහා ගෙයින් ගෙට යෑම්, වතු රැුස්වීම් ප‍්‍රධාන රැුස්වීම් පැවැත්වීම කටවුට් පෝස්ටර් පුවත්පත් හා රූපවාහිනී දැන්වීම් ආදී ප‍්‍රචාරක උපක‍්‍රම ඔවුන් විසින් උපයෝගී කරගෙන ඇත.

පාටට ඡන්දය

එහෙත් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය මන්ත‍්‍රණ සභාව පැවැති 1947 ට පෙර යුගයේ මැතිවරණවල දී ඡුන්දය දීමට සිදුවී තිබුණේ අපේක්ෂකයින්ගේ ”සලකුණු” වලට නොව ”පාට” අනුව ය. එක් එක් අපේක්ෂකයා සඳහා කොළ පාට, රතු පාට, නිල් පාට, කහපාට, ඡුන්ද පෙට්ටි ඡුන්ද මධ්‍යස්ථානවල තබා තිබුණි. ඡුන්ද දායකයා තමන් කැමති අපේක්ෂකයාගේ පාට අනුව තබා ඇති පෙට්ටියට ඡුන්ද පත‍්‍රිකාවල් දැමිය යුතු විය.මෙහි ඡුන්ද ලකුණු කිරීමක් සිදු නොවීය.

සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ශ‍්‍රී ලංකාවේ පැවැති ප‍්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේ දී එ් එ් දේශපාලන පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයින් සඳහා ඡුන්ද ලකුණු ලබාදෙන ලදී. අලියා, අත,යතුර, තරුව, ගෙය, තාදිය, කුඩය, අහස් යානය ආදී ඡුන්ද ලකුණු 25 ක් එම මැතිවරණයට යොදාගෙන තිබුණි. එහෙත් දේශපාලන පක්ෂවලට වෙනම ඡුන්ද ලකුණු ලබාදීමක් එහිදී සිදුවූයේ නැත.එ් නිසා එකම පක්ෂයේ අපේක්ෂකයින්ට ලැබුණේ වෙන වෙන ඡුන්ද ලකුණු ය.

පෙළොන්නරුවට එජාප යෙන් අපේක්ෂකයින් හයක්

1947 මැතිවරණයේ තවත් විශේෂත්වයක් වූයේ එක්සත් ජාතික පක්ෂය විසින් සමහර මන්ත‍්‍රී කොට්ඨාශවලට එම පක්ෂයේ අපේක්ෂකයින් කිහිප දෙනෙකුම නම් කොට තිබීමයි. පෙළොන්නරුව කොට්ඨාශය සඳහා එ.ජා.ප.යෙන් අපේක්ෂකයින් හය දෙනෙකු එම මැතිවරණයට ඉදිරිපත් කොට තිබුණි.

ශ‍්‍රී ලංකාවේ 1947 පැවැති ප‍්‍රථම මැතිවරණයේ දී මන්ත‍්‍රී කොට්ඨාශ 89 ක් සඳහා අපේක්ෂකයෝ 362 ක් තරග කළහ. එම මැතිවරණයේ ඡුන්ද විමසීම 1947 ජූලි 23 වන දා සිට සැප්තැම්බර් 20 දක්වා අතර කාලයේ දින 19 ක දී පැවැත්විණි. මෙකල සමහර අපේක්ෂකයින් ඡුන්ද දායකයින් ඡුන්ද පොළ වෙත රැුගෙන යාම සඳහා පෞද්ගලික වාහන ද යොදවා තිබුණි.

Image copyright getty
Image caption ඡන්දයට පෙළ ගැසී

ශ‍්‍රී ලංකාවේ දෙවැනි මැතිවරණය 1952 මැයි 24, 26, 28 හා 30 යන දිනවල පැවැති අතර 1956 මැතිවරණය පැවැත්වුණේ අපේ‍්‍රල් 5, 7 සහ 10 යන දිනවල දී ය. මෙහි විශේෂත්වය වූයේ එක් එක් දිනවල පවත්වන ලද ඡුන්ද විමසීම්වල ප‍්‍රතිඵල එදිනම ප‍්‍රකාශයට පත් කිරිමයි. මේ ක‍්‍රමයෙන් බොහෝ දේශපාලන පක්ෂවලට අවාසි සිදුවිය. 1956 මැතිවරණයේ දී අපේ‍්‍රල් 05 වන දා ආසන 30 ක් සඳහා පැවැති ඡුන්ද විමසීමේ ප‍්‍රතිඵල එදිනම ප‍්‍රකාශ කෙරිණි. එ.ජා.ප.යට ලැබී තිබුණේ එයින් ආසන 08 ක් පමණි. මහජන එක්සත් පෙරමුණට මුල් දිනයේ ආසන 27 ක් හිමි විය. ඉන්පසු අපේ‍්‍රල් 7 හා 10 දිනවල පැවැති ඡුන්ද විමසීම්වල දී එ.ජා.ප.යට එක ද ආසනයක් වත් හිමි නොවීය. එ් එ.ජා.පයේ පරාජය මුල් දිනයේ දීම පැහැදිලිව පෙනී ගිය බැවිනි.

එම මැතිවරණයට එ.ජා.ප.යෙන් තරග කළ කැබිනට් ඇමතිවරු ෙදාලොස් දෙනාගෙන් දහදෙනෙකුම පරාජය වූ අතර ජය ගත්තේ අගමැති සර් ජෝන් කොතලාවල සහ ආහාර ඇමති එම්. ඞී.බණ්ඩා යන මහත්වරුන් පමණි.

එක දිනයක් තුළ ඡුන්ද විමසීම

ශ‍්‍රී ලංකාවේ එක දිනයක් තුළ ඡුන්ද විමසීම පැවැත්වීම ඇරඹුණේ 1960 මාර්තු 19 වන දා පැවැති මැතිවරණයේ දී ය. එසේම පිළිගත් දේශපාලන පක්ෂ සඳහා වෙන වෙනම ඡුන්ද ලකුණු මෙම මැතිවරණ සඳහා ලැබී තිබුණු අතර රජයේ සේවකයින්ට තැපෑලෙන් ඡුන්දය දීමේ අවස්ථාව ද එමෙන්ම පිළිගත් දේශපාලන පක්ෂවලට ගුවන්විදුලියෙන් සිය ප‍්‍රතිපත්ති පිළිබඳව කතා කිරීමට විනාඩි 15 බැගින් කාලය ලබා දීම ක‍්‍රියාත්මක වූයේ ද මෙම මැතිවරණයෙනි. එසේම ඡුන්ද අපේක්ෂකයින් වෙනුවෙන් බැනර්, පෝස්ටර් ප‍්‍රදර්ශනය හා ඡුන්ද පොළ වෙත ඡුන්ද දායකයින් ප‍්‍රවාහනය කිරීම ද තහනම් විය.

මේ වනවිට බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය වී තිබීම හේතුවෙන් ශ‍්‍රි.ල.නි.ප. මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවේ සී. පී. ද සිල්වා මහතා විසිනි. එ.ජා.ප. නායකත්වය ඩඞ්ලි සේනානායක මහතා විසින් ද මහජන එක්සත් පෙරමුණ පිලිප් ගුණවර්ධන මහතා යටතේ ද මෙකල පැවැති අතර අගමැති විජයානන්ද දහනායක මහතා විසින් අලූතින් පිහිටුවා ගනු ලැබූ ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය එම මැතිවරණය සඳහා තරග කළේය.එහිදී එම පක්ෂයේ නායක අගමැති විජයානන්ද දහනායක මහතා ඔහු තරග කළ ගාල්ල ආසනයෙන් ද පරාජය විය.

Image copyright Getty
Image caption ඡන්දයට රැකවරණ

එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට තරම් බහුතර ආසන සංඛ්‍යාවක් හිමි නොවූ අතර ඩඞ්ලි සේනානයක මහතාගේ නායකත්වයෙන් පිහිටවනු ලැබූ ආණ්ඩුව රාජාසන කතා විවාදයේ දී පරාජය වීම නිසා ආණ්ඩුව විසුරුවා හැර යළි මැතිවරණයකට යාමට සිදුවිය.

අනතුරුව පැවැති මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් තරග කළ ශ‍්‍රි.ල.නි.ප. ය මන්ත‍්‍රී ආසන 75 ක් ජයගෙන බලයට පත්විය. මෙහිදී බණ්ඩාරනායක මැතිණිය අගමැති ධූරයට පත්වූයේ ලෝකයේ ප‍්‍රථම අගමැතිණිය වශයෙන් ලෝක වාර්තාවක් ද පිහිටුවමිනි.

එහෙත් ඇයගේ පාලන කාලයේ දී වැඩ වර්ජන ආදිය නිසා ඇති වූ අර්බුදකාරි තත්ත්වය හේතු කොටගෙන ලංකා සමසමාජ පක්ෂය ආණ්ඩුවට සම්බන්ධ කරගත් බණ්ඩාරනායක මැතිණිය සභාග ආණ්ඩුවක් පිහිටුවා සමසමාජ නායකයින්ට ඇමති තනතුරු තුනක් ද ලබා දුන්නා ය.

රාජාසන කතාව

එසේ වුවද 1964 දෙසැම්බර් 14 වන දා පාර්ලිමේන්තුවේ පැවැති රාජාසන කතාව පිළිබඳ විවාදයේ දී සී. පී. ද සිල්වා මහතා ඇතුළු මන්ත‍්‍රීවරුන් දහතුන් දෙනෙක් ආණ්ඩුවෙන් ඉවත්ව ගොස් එයට විරුද්ධව එ.ජා.ප.ය සමග ඡුන්දය දීම නිසා ආණ්ඩුව පරාජයට පත්විය.

Image copyright getty
Image caption සිරිමාවෝ බණ්ඩාරනායක රැස්වීමක් අමතමින්

අනතුරුව 1965 මාර්තු 22 වන දින පැවැති මැතිවරණයෙන් එ.ජා.ප.යට ආසන 66 ක් ද ශ‍්‍රි.ල.නි.ප.යට 42 ක් ද සමසමාජ පක්ෂයට ආසන 10 ක් ද පෙඞ්රල් පක්ෂයට ආසන 14 ක් ද හිමි විය. ඩඞ්ලි සේනානායක මහතා පිලිප් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණ, පෙඞ්රල් පක්ෂය, තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොන්ග‍්‍රසය ඇතුළු පක්ෂ ගණනාවක් එකතු කරගෙන හවුල් ආණ්ඩුවක් පිහිටුවීය. විපක්ෂය විසින් එය හඳුන්වනු ලැබුවේ හත් හවුල් ආණ්ඩුව වශයෙනි.

ලෝකයේ ප‍්‍රථම විපක්ෂ නායිකාව

බණ්ඩාරනායක මැතිණිය එම ආණ්ඩුවේ විපක්ෂ නායිකාව වශයෙන් පත් වූයේ ලෝකයේ ප‍්‍රථම විපක්ෂ නායිකාව වශයෙන් වාර්තාවක් ද පිහිටුවමිනි.

එම ආණ්ඩුව 1970 මාර්තු මස 25 වන දා විසුරුවා හැරීමෙන් පසු පැවැති මැතිවරණයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය එක්ව තරග කළේ සමගි පෙරමුණ නමින් නව සන්ධානයක් පිහිටුවා ගනිමින් ය. එම මැතිවරණයෙන් සමගි පෙරමුණට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හිමි වූ අතර එ.ජා.ප.යට හිමි වූයේ ආසන 17 ක් පමණි.