නාමල්ට 'FCIDයෙන් කැඳවීමක්'

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක නාමල් රාජපක්ෂට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

අගෝස්තු දොළොස් වැනිදා ට දින නියම කර ඇති බවයි නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයාගේ ට්විටර් ගිණුමේ පණිවිඩයක සඳහන් වන්නේ.

සිය මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට ගත් උත්සහයක් ලෙස මෙම කැඳවීම හඳුන්වන ඔහු එම පණිවිඩයේ කියා සිටින්නේ අවසානයේ දී මෙවැනි මැතිවරණ උපායමාර්ග සාර්ථක නොවන බවයි.