ජනමතයට ගරු කරන්න - මහින්ද මෛත්‍රීට ලියයි

Image copyright Mahinda Rajapaksha
Image caption "මා 2015 ජනවාරි මස 09 වන දින මහජන මතයට ගරු කළ අයුරින්ම ඔබතුමාද 2015 මහමැතිවරණයේදී මහජන මතයට ගරු කරනු ඇතැයි අපේක්ෂා කරමි."

2015 ජනවාරියේ ජනමතයට තමන් ගරු කළ ආකාරයටම, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද මහමැතිවරණයේ ජනමතයට ගරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රහස්පතින්දා තමන් වෙත එවූ පිටු පහකින් යුතු ලිපියට කෙටි පිළිතුරක් යවමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම ලිපිය මගින් කරන පදනම් විරහිත චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

"මා 2015 ජනවාරි මස 09 වන දින මහජන මතයට ගරු කළ අයුරින්ම ඔබතුමාද 2015 මහමැතිවරණයේදී මහජන මතයට ගරු කරනු ඇතැයි අපේක්ෂා කරමි," යනුවෙන් එම ලිපියේ සඳහන් වේ.

තමන් නැවත ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වූයේ බහුතර පාක්ෂිකයන්ගේ හා ජනතාවගේ ඉල්ලීම් මත බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති සිරිසේනට භාර දුන්නේ ඔහු කළ ඉල්ලීමක් අනුව බවද සිහිපත් කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට 2015 මහමැතිවරණයේදී බහුතර බලයක් ලබාගත හැකි බව පැවසීම පිළිබඳව ස්තුතිවන්ත වන බවද හිටපු ජනාධිපතිවරයා සිය කෙටි ලිපියේ සඳහන් කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර