පරාජය පිළිගත්තේ නෑ - මහින්ද

Image copyright twitter

මහ මැතිවරණයේ ජයග්‍රහණය හෝ පරාජය පිළිගැනීමට තමන්ට මේ දක්වා අවසන් නිල ප්‍රතිපලයක් ලැබී නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

හිටපු ජනාධිපතිවරයා ඒ බව පවසන්නේ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

කෙසේ වෙතත් සිය පරාජය පිළිගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කළ හිටපු ජනපතිවරයා ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණි.

විපක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවත් ඔහු පවසා තිබේ.

'මගේ අගමැති සිහිනය බොඳ වුනා,' යනුවෙන් හිටපු ජනපතිවරයා සඳහන් කළ බවත් ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.

Image copyright Face Book

මේ අතර උදය ගම්මන්පිල පළාත් සභා මන්ත්‍රීවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කොට ඇත්තේ තම කණ්ඩායම මහ මැතිවරණය පරාජය වූ බවයි.

පාර්ලිමේන්තුව තුල බහුතරයක් ලබා ගැනීමට එකම පක්ෂයක්වත් සමත් වී නැති බවත් එක්සත් ජාතික පක්ෂය සුළුතර ආණ්ඩුවක් පිහිටුවනු ඇති බවත් එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.