dinesh chandimal
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහේල සංගා වගේ ක්‍රීඩා කරන්න අමාරුයි- චන්දිමාල්

පළපුරුදු ක්‍රීඩකයන් විශ්‍රාම යාමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දක්නට ලැබෙන පසු බැස්ම තාවකාලික එකක් බව පිතිකරු දිනේෂ් චන්දිමාල් පවසයි.

ඉන්දියාව සමග පසුගියදා පැවති ටෙස්ට් තරගයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් පරාජය අභියස සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය දිනේෂ් චන්දිමාල් බිබිසිය සමග පැවසුවේ පළපුරුදු ක්‍රීඩකයන් විශ්‍රාම යාමෙන් පසු එම හිඩැස පිරවීමට තරුණ නවක ක්‍රීඩකයන්ට යම් කාලයක් ගතවන බවයි.

" මේ කාලයේදී අපි තරග පරාජය වෙන්න පුළුවන්, අපේ හුගක් හොද අළුත් ක්‍රීඩකයන් ඉන්නවා, ඒගොල්ලන්නට ඒ අත්දැකීම් හම්බවෙලා ඔවුන් පරිනත වෙන කොට අපිට ගොඩක් හොඳ තැනකට එන්න පුළුවන්"

" අපි අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා පොඩ්ඩක් මේ වෙලාවේ ඉවසල අපිට සහයෝගය දෙන්න කියලා"

සුපිරි පිතිකරු කුමාර සංගක්කාර ක්‍රීඩාකරන අවසන් ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය කර ඔහුට ජයග්‍රාහී සමුගැනීමක් ලබාදීම තමාගේ මෙන්ම කණ්ඩායමේ අරමුණ බවයි දිනේෂ් චන්දිමාල් පැවසුවේ.

දිනේෂ් චන්දිමාල් බිබිසි වාර්තාකරු අසාම් අමින් සමග කළ කථා බහ- වීඩියෝව නරබන්න