ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වාර්තා සමකිරීම අභිලාශය නොවේ - සංගා

ඕස්ට්‍රේලියානු පිතිකරු ඩොන් බ්‍රැඩ්මන්ගේ ද්විත්ව ශතක වාර්තාව සම කිරීම හෝ එය අභිබවා යාම ගැන සිතා කණ්ඩායමේ රැඳී සිටින්නේද යන අදහසට වඩා තවත් කරුණු ගැන අවධානය යොමු කළ යුතුව ඇති බවයි සුපිරි පිති කරු කුමාර් සංගක්කාර පවසන්නේ.

එවැනි වාර්තා ගැන අපේක්‍ෂාවෙන් ක්‍රීඩා පිටියේ තවත් කාලයක් රැඳී සිටීම තරුණ ක්‍රීඩකයන්ට සිදු කරන අසාධාරණයක් බවයි ඔහු ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගනයේ දී බීබීසී සංදේශය වෙනුවෙන් උපාලි ගජනායක සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී කියා සිටියේ